Monday, February 20, 2012

අන්තර්ජාලය

බ්ලෝගර් (Blogger) බ්ලෝග් අඩවියක්

නිර්මාණය කරන හැටි.

බ්ලෝග් අඩවි නිර්මාණයට පහසුකම් සපයන ජනප්රිය සේවාවක් ලෙස බ්ලෝගර් (Blogger) වෙබ් අඩවිය හැදින්විය හැකි අතර මෙය ගූගල් ආයතනය විසින් නොමිලේ සපයන සේවාවකි.




බ්ලෝගර් බ්ලෝග් අඩවියක් නිර්මාණය කිරීම සදහා පළමුව blogger.com වෙබ් අඩවියට පිවිසෙන්න. මෙහිදී ඔබට ගූගල් ගිණුමක් නොමැතිනම් Get started යන්න මත ක්ලික් කර නව ගූගල් ගිණුමක් නිර්මාණය කරගන්න. ඔබ ගූගල් ගිණුමක් හිමි අයෙකු නම් ඊමේල් ලිපිනය හා මුරපදය භාවිතා කර Sign in වෙන්න.


නව බ්ලෝග් අඩවියක් නිර්මාණය කිරීම සදහා ඊළගට ලැබෙන පිටුව තුළ ඇති CREATE YOUR BLOG NOW යන සබැදිය මත ක්ලික් කරන්න.


ඊළග පිටුවේදී ඔබේ බ්ලෝග් අඩවිය සදහා නමක් හා ලිපිනයක් ලබා දිය යුතුය. මෙහිදී ඔබගේ බ්ලෝග් අඩවිය සදහා සබ්ඩෝමේන් නාමයක් ලබාගත හැකි අතර එය .blogspot.com යන නාමයෙන් අවසන් වේ. ඉන් පසු Continue යන සබැදිය මත ක්ලික් කරන්න.


ඉන් පසු බ්ලෝග් අඩවිය සදහා template එකක් තෝරා දීම කළ යුතු අතර ඔබ කැමති template එකක් තෝරා Continue යන සබැදිය මත ක්ලික් කරන්න.


ඉහත පියවර සිදු කළා නම් ඔබගේ බ්ලෝග් අඩවිය නිර්මාණය කර අවසන් අතර START BLOGGING යන සබැදිය මත ක්ලික් කර බ්ලෝග් ලිවීම ආරම්භ කළ හැක.

Saturday, February 18, 2012

ICT News

IT News  @w`rór# w`:z ÕvW

‘4 ජීතාක්ෂණය ශ්රී ලංකාවට

තත්ත්පරයට මෙගාබයිට් 96 වේගයෙන් යුතු දිගුකාලීන පරිණාම තාක්ෂණය සම්බන්ධයෙන් සාර්ථක පරීක්ෂණයක් සිදු කර 4ජී තාක්ෂණය ශ්රී ලංකාවට හඳුන්වාදෙන බව ශ්රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම පවසයි. ඩයලොග් ආයතනයද මේ වන විට කොළඹ කොටුව, කොළඹ 02 හා කොළඹ 03 ප්රදේශයන්හි 4 ජී තාක්ෂණය ආවරණය කර ඇත.
මේ අතර ඩයලොග් ආයතනය කොළඹ කොටුව, කොළඹ 02 හා කොළඹ 03 ප්රදේශයන්හි 4 ජී තාක්ෂණය ආවරණය කර ඇත. මීට අමතරව කොළඹ ඩාර්ලි පාරේ ෆියුචර් වර්ල්ඩ් හා ඩුප්ලිකේෂන් පාරේ පිහිටි මොඩර්න් ආකේඩ් වෙතින් මේ පහසුකම ලබා ගත හැත.







මෘදුකාංග නිර්මාණයෙන් 

ශ්රී ලංකාවට රන් පදක්කමක්

කොළඹ නාලන්දා විද්යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුහු සිවු දෙනෙක් රටවල් පනස් දෙකක පාසල් 27209ක් අභිබවා පරිගණක ක්ෂේත්රයේ අන්තර්ජාතික ජයග්රහණයක් අත්කැර ගෙන ඇත.
ඇමෙරිකාවේ ඔරැකල් අධ්යාපන පදනම වාර්ෂිකව සංවිධානය කරන තින්ක් ක්වෙස්ට්මෘදුකාංග නිර්මාණය කිරීමේ තරගාවලියේ දී මේ සිසුන් සිවුදෙනා ඉදිරිපත් කළ යුද්ධයෙන් විනාශ වූ නගරයක් ගොඩනැංවීමේ පරිගණක ක්රීඩාව වෙනුවෙන් මේ ජයග්රහණය අත් කැරගෙන තිබේ.
12 වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන ඉසුරු කුසුමාල් රාජපක්ෂ, උමේෂ් ප්රභූෂිත ජයසිංහ, සකුන්ත දේවක ගුණරත්න සහ විරාජ් කොඩිතුවක්කු යන මේ සිසුන් හතරදෙනා ලද ජයග්රහණය වෙනුවෙන් ඔවුනට ඇමෙරිකාවේ චාරිකාවක් පාසලට ඇමෙරිකන් ඩොලර් පන්දහසක් ජයග්රහණය ලැබූ ශිෂ්යයන් හතර දෙනාට ලැප්ටොප් යන්ත්රය බැගින් හිමිවීමට නියමිත බව නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා සිළුමිණට පැවැසීය.